Sunday, February 12, 2017

How to Buy a Good Digital Camera

How to Buy a Good Digital Camera

http://www.aluth.com/2014/06/camera-information-help.htmlකැමරාවක් ගන්න කලින් හරි කැමරාවක් දැනටමත් බාවිතා කරනවා නම් හරි, ඔයාලට  කැමරාවක් ගැන දැන ගන්න ඕන වටිනම තොරතුරු රැසක් අපි කියලා දෙනවා.


හොඳ තත්වයේ කැමරාවක් පළමුවර සොයා ගැනීම අපහසු සේ පෙනෙන්නට පුඵවන. නමුදු ඔබට නියමාකාර උපකරණ ලැබුණහොත් එයින් ගන්නා ඡායාරූප විසින් ඔබට අවස්ථාවන්ගෙන් පිරි නව ලොවක් විවර කරනු ඇත. අන්න ඒ නිසයි පළමු ඩිජිටල් කැමරාව තෝරා ගනිද්දී නිසි අවධානය සහ සැළකිල්ල වැදගත් වන්නේ.

 හොඳ තත්වයේ ඩිජිටල් කැමරාවක් පළමයෙන්මු වරට තෝරා ගැනීමේදී සුක්ෂමව සොයා බැලිය යුතු කරුණු පිළිබඳ විමර්ෂණයක් පහත පරිදිවේ. එමගින් ඔබට අලංකාර පිංතූර සහ විඩියෝ ලබා ගැනීමේ මං විවරවනු ඇත.


ඔබගේ අවශ්‍යතාවය හඳුනා ගන්න.

           කැමරාවක තෝරා ගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික් වෙළඳ සැළකට යාමට ප‍්‍රථමව ඔබ විසින් ඔබට අවශ්‍ය වන්නේ කුමක්දැයි හඳුනාගෙන තිබිය යුතුය. මෙහිදි කැමරාවක් සමග විවිධ ප‍්‍රභේදයන්ගේ මුලිකාංග පවතියි, සමස්ථයක් වශයෙන් මෙය ඔබ ගන්නා ඡුායාරූපයේ තත්වය හා සැබඳේ. ඔබ පළමු කැමරාව මිලදී ගැනීෙමිදී සැළකිල්ලට භාජනය කළයුතු වැදගත් උපලක්ෂණ මේ ආකාරවේ.


SLR හෝ DSLR ?


             ඔබගේ අවධානය යොමුවිය යුතු සුලබ කැමරා වර්ගයන් වන්නේ SLR සහ DSLR වේ. මෙම කැමරා වර්ග දෙක අතර වෙනස නම් පිංතූර වල එහි දෘශ්‍යභාවය සහ එකී කැමරා වර්ගයන්ගේ පවතින විවිධ වු විකල්පක‍්‍රමවේදයන්ය. SLR හෙවත් තනිකාච පරාවර්ථක කැමරා DSLR හෙවත් ඩිජිටල් තනිකාච පරාවර්ථක කැමරා වලට බොහෝ කළකට කලින් නිපදවු ඒවාවේ. SLR කැමරාවන් තනිකාචය මගින් පිංතූර ග‍්‍රහණය කිරිම කරන අතර DSLR කැමරාවන් තනි කාචයෙන් ග‍්‍රහණය කර ගන්නා රූපය දර්ශණ සුවකය (view finder) හරහා
ඡායාරූපය ඩිජිටල් තාක්ෂණයෙන් පෙන්නුම් කරයි. මෙම කැමරා වර්ග දෙකම දුරින් ඇති රූප ඡායාරූප ගත කිරිමට ඉතා හොඳය. විශේෂයෙන්ම ඔබට කෙතරම් දුර ආරෝහණය (zoom) ගැනිමේ හැකියාව මත එය පදනම් වේ.  කෙසේ වෙතත් SLR කැමරාවෙන් ඡායාරූප ශිල්පියා විසින් ගනු ලබන ඡුායාරූපය දර්ශක සුවකයේ (View finder) පෙන්නුම් කරන ආකාරයෙන් ම ඡුයාරූපයක් වන අතර ඊට ප‍්‍රතිපක්ෂව DSLR කැමරාවේ ඩිජිටල් තිරය මත පෙන්නුම් කරන ඡායාරූපයට වඩා අපේක්ෂිත ඡායාරූපය වෙනස් ස්භාවයක් ගනියි.


මෙගාපික්සෙල්ස්


            කැමරාවක් මිලදී ගැනිමේදි තවත් සැළකිල්ලට භාජනය කළ යුතු කරුණක් වන්නේ එහි ඇති මෙගාපික්සෙල්ස් ගණනය. ඔබේ ඡායාරූපයේ ඇති පික්සෙල් ගණන මෙගාපික්සෙල් මගින් දක්වනු ලැබේ. වැඩිදුරටත් ඔබේ අවධානය පිණිස ඡායාරූපයක් කුඩා අංශු මාත‍්‍රික කොටස් ලක්ෂ ගණනක එකතුවක් සේ සෑදී ඇත. ඡායාරූප කළාවේ මෙවැනි කුඩා අංශූ මාත‍්‍රයක් පික්සෙල් එකක් ලෙස හඳුන්වන අතර මෙගාපික්සෙල් යනු මෙවැනි මිලියන ගණනක අංශූන්ගේ මුළු ඵලයයි. බොහෝ කුඩා කැමරාවන් මෙගා පික්සෙල් 8-10 ක පරාසයක් දක්වයි. කෙසේ වෙතත් DSLR කැමරා සහ SLR කැමරාවන් මෙගාපික්සෙල් 24 වැනි ඉහළ අගයක් ගත හැකි අතර එමගින් ඔබට අලංකාර හා ප‍්‍රසන්න ඡායාරූපයන් ලබා දෙයි.


ප‍්‍රකාශ සහ ඩිජිටල් ආරෝහණය (Optical & Digital Zoom)


                කලින් සඳහන් කල පරිදි සහ කැමරාවන්
ඡායාරූප ශිල්පීන්ගේ ප‍්‍රධාන තේරීම වන්නේ එහි ඇති ශිඝ‍්‍ර ආරෝහණය (Zoom) හැකියාව නිසාය. කෙසේ වෙතත් මෙහිදි ප‍්‍රකාශ සහ ඩිජිටල් ආරෝහණය අතර අතිවිශේෂ වෙනස්කමක් පවතිනවා, ප‍්‍රකාශ ශිඝ‍්‍ර ආරෝහණය (Optical Zoom) සහිත කැමරා වල ඡායා රූප ඩිජිටල් ශිඝ‍්‍ර ආරෝහණ (Digital Zoom) සහිත කැමරා වලට වඩා පැහැදිලි තත්වයක් ඇත. ඩිජිටල් ආරෝහණයේදී ඔබ වැඩි වැඩියෙන් ඔබේ ඉලක්කය වෙත මානන විටදී එහි අංශූ මාත‍්‍රික තත්වය පෙන්නුම් කිරිම වැඩි වේ. සමස්ථයක් වශයෙන් ඡුායාරූප ගත කිරිමෙන් පසු සංස්කරණයේදී ඡායාරූපයේ තත්වය මදක් වෙනස් කර හැකි බව මතකයේ තබා ගන්න. ප‍්‍රකාශ ශිඝ‍්‍ර ආරෝහණය සහ ඩිජිටල් ශිඝ‍්‍ර ආරෝහණය විශාල වශයෙන් ප‍්‍රමුඛතාවය නොගනියි. කෙසේවෙතත් ඔබට ප‍්‍රකාශිත ආරෝහණය එම මිල පරාසයටම තෝරා ගැනීමට හැකිනම්, එය ඔබට සැළකිල්ලට භාජනය කිරිමට හොඳ විකල්පයක් වේ.


දර්ශණ අනුපාතිකය (Aspect Ratio)


             ඔබ විසින් ඡුායාරූප ගත කරන
ඡායාරූපයන්ගේ සමස්ථයක් වශයෙන් ප‍්‍රමාණය මෙමගින් දැක්වේ. හොඳ තත්වයේ ඡුායා රූප සඳහා කුඩා වර්ගයේ කැමරා වලට වඩා SLR හා DSLR කැමරාවන් වල දර්ශණ අනුපාතිකය වඩා හොඳ තත්වයක පවතියි. බොහෝ SLR හා DSLR කැමරාවන් වල දර්ශණ අනුපාතය 4:3 වන අතර එය වෙබ් අඩවීන්ට එක් කිරිමේදී හෝ මුද්‍රිත පිටපත් සේ ගැනීමේදී වඩා ගැලපේ.


සංවේදීතාවය


              කිසියම් දිනක ඔබ විසින් අපහැදිලි
ඡායාරූපයක් දැක ඇත්නම්, ඒ නුසුදුසු තත්වයේ මුලරාශි පිංතූර පුරාවටම ඇති නිසාය. මෙම නුසුදුසු තත්වයේ මුලරාශි අවම කිරිම සඳහා කැමරාවන් වල ISO නම් ක‍්‍රියාකාරිත්වය තිබිය යුතු අතර එය අවම තරමේ 100 හෝ 200 අගයකවත් තිබිය යුතුය. කෙසේ වෙතත් ඉහළ තත්වයේ කැමරාවන් වල ISO 25,000 තරම් අගයක පෙන්නුම් කරන අතර එමගින් ඔබ ගන්නා ඡායා රූපයේ නුසුදුසු මුලරාශින් විස්මිත ආකාරයෙන් අවම මට්ටමකට පත් කර සුපැහැදිලි ඡායාරූපයක් ඔබට ලබා දෙයි. මක්නිසාද ISO ක‍්‍රියාකාරිත්වයේ එතරම් විචල්‍යතාවය ඇති අතර ඔබ ගන්නා ඡායා රූපයන් අනුව එය වෙනස් කිරිමට වැදගත් වේ.


ධහවල තුලනය (White balance)


           සමස්ථයක් වශයෙන් ඔබ ගන්නා
ඡායාරූපයේ තත්වයට එහි ඇති සුදු පැහැය ප‍්‍රමාණය අනුව තීන්දු කරනු ලබනවා. ධහවල තුලනය (White balance)සඳහා  ISO ක‍්‍රියාකාරිත්වයද විශාල වැඩ කොටසක් සිදු කරන අතර එමනිසා විකිණිමට ඇති කැමරාවක් බලද්දී එකී සාධකය ගැන සලකා බැලීම වැදගත් වේ.


ඔබේ ලක්ෂණ සලකා බලන්න
            දැන් ඔබ හොඳින් දන්නවා කුමන වර්ගයේ කැමරාවක් ඔබ විසින් බැලිය යුතුද යන්න, ඒ සමගම ඔබ විසින් මිලදී ගැනීමේ ක‍්‍රියාවලීයේදී සැලකිලිමත් විය යුතු ලක්ෂණ කිහිපයක් මෙලෙස වේ. හොඳ වර්ගයේ භාවිතයට සුදුසු කැමරාවක් සොයා ගැනීමට එය ඔබට උදව් වේවි.


ප‍්‍රමාණය
            ඡායාරූප ශිල්පියෙකු හැම විටකම ක‍්‍රියාශීලී සහ ගමන් කරමින් ඡායා රූප ගැනීම සිදු කරයි. මේ සඳහා සැළකිල්ල යොමු කළ යුතු කැමරාව ඡායාරූපාගාරයක පවතින කැමරාවකට වඩා වෙනස් වේ. DSLR ප‍්‍රමාණයකැමරාව මේ අව්සථාවන් දෙකටම බොහෝ විට භාවිතා කළ හැකි අතර SLR කැමරාවන් ඔබ යන සෑම තැනකම රැුගෙන යාමට තරමක අමාරු විය හැකිය. මක්නිසාදයත් සරළවම ඔබත් සමග  රැගෙන යායුතු උපකරණ ප‍්‍රමාණය නිසාය.


විඩියෝ නැවත ධාවනය කිරිම


             බොහෝ මිනිසුන් සැළකිල්ලක් දක්වන විශාලම ලක්ෂණයකි විඩියෝ නැවත ධාවනය කිරිමේ පහසුකම. මෙම විකල්පය ඉදිරිපත් කරනුයේ එක් වර්ගයක කැමරාවන් පමණකි.  SLR කැමරාවන් විඩියෝ ගත කිරිමේ තාක්ෂණය නැති නිසාම එහි මෙකි ප‍්‍රවර්ගය නොපවතියි. DSLR විඩියෝ ගත කිරිමේ පහසුකම  DSLR කැමරාවන් හී විකල්පයක් සේ පවතියි, එමගින් ඡුායාරූප ගැනීමට අමතර විඩියෝ ගත කිරිම ගැන අවධානය යොමු කරන්නගේ සැළකිල්ල යොමු වේ.


ප‍්‍රදර්ශණ තිරයේ ප‍්‍රමාණය


          DSLR කැමරාවන් සඳහා පමණක් අදාලව සැළකිල්ල දැක්විය යුතුවේ. ඔබේ මතකයේ තබා ගැනීම පිණිස සාමන්‍ය SLR කැමරාවන් ඩිජිටල් තිරය ඉදිරිපත් නොකරන අතර ඔබට එය අවශ්‍යම නම් ඔබ විසින් ඩිජිටල් කැමරාවන්ට අදාල සමාලෝචන බලා ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන කැමරාව සොයා ගත යුතුය. සමහර කැමරාවන් ඩිජිටල් අනුරූපය සහ කාචය පවතින අතර එය තවත් එක් කරුණක් සැළකිල්ලට බඳුන් කළ යුතු කරුණකි, නමුදු ක‍්‍රියාවට නංවද්දී එය තරමක මිල අධික බවින් යුතුවේ.


ධාරණය (Memory)

          අවසාන වශයෙන් DSLR කැමරාවන් විසින් අභ්‍යන්තර ධාරණ පරිමාවක් ඉදිරිපත් කරන බව මතක තබා ගත යුතු වනවා. ඩිජිටල් ඡායාරූප ශිල්පීන් දළ සේයා පට වල තැම්පත් නොකරන අතර ඔවුන් එය ඩිජිටල් ධාරණ කාඩයක් මත තැම්පත් කරයි. ඔබ විශාලම ධාරණ විකල්පය සොයා ගත යුතු වන අතර එය ඔබ විසින් තැම්පතු කරන පිංතූරයන්ගේ වර්ගය මත රඳා පවතියි. කැමරාව විසින් තැම්පත් කරන ඡායාරූප වර්ගයන්ගෙන් TIFF සහ RAW ඡායාරූප වැඩි ඉඩක් අවශ්‍ය වන අතර JPEG වර්ගයේ ඡායාරූප සඳහා වැය වන්නේ ඉතා කුඩා ඉඩකි.


හොඳ මිලකට අනර්ග කැමරාවක් සොයා ගන්නේ කෙසේද?


           ඔබ සොයන්නේ කුමක්ද බව දැන් ඔබ දන්නවා. නමුදු ප‍්‍රශ්ණය කැමරාවන් විකිණිමට ඇති තැන් සොයා ගන්නේ කෙසේද. ඔබ මතක තබා ගත යුතු වැදගත් කරුණ නම් ඔබගේ පළමු කැමරාව මිලදී ගැනිමේදී එය වෙළඳ සැලකින් මිලදී ගැනීම හෝ පාවිච්චි කරන ලද කැමරාවක් ගැනිමටද හැකියාව පවතින බවයි. පසුව සඳහන් කළ කරුණ ඔබට මුදල් ඉතිරි කිරිමක් සිදු කරන අතර අලූත් එකක් මිලදී ගැනිමේදී වෙනස් වන තාක්ෂණික ලෝකයේ වැඩිපුර ලක්ෂණ සහිත කැමරාවක් ගැනීමේ හැකියාව පවතිනවා.


ඔබට අවශ්‍ය සෑම තොරතුරක්ම ඔබ සතුව දැන් පවතිනවා. ඔබේ විශේෂ අවස්ථාවන් ඡායාරූප ගතකර තබා ගැනීමට ඔබට හැකියාව තියෙනවා. නවකයින් සඳහා කැමරාවක් ගැනීමේ මාර්ගෝපදේශණ කරුණු ගැන වැඩි සැළකිල්ලක් දැක්වීමට වග බලා ගන්නා අතරම ඔබට අවශ්‍යම දෙය ගැනීම පිළිබඳව සහතික කරගන්න