කෘතවේදී මිනිස්සු
මහත්තයා පුළුවන්නං තව සිමෙන්ති කොට්ට දෙකක් වත් ගෙනත් දාලා යන්න.. බාසුන්නැහේ අප්පච්චිට කිවුවෙ.. හෙට අප්පච්චි වැඩට ගිහාම ආයෙ එන්නෙ දවස් දෙක තුනකින් බව දන්න හින්දා.. ඉතිං අප්පච්චිත් අප්පච්චිගෙ දඬුමොනරෙ නැඟලා ටවුන් එකට ගිහිං සිමෙන්ති කොට්ට දෙකක් අරං ආවා.. ඒත් ගෙදට්ට ඔන්න මෙන්න කියලා තියෙන හංදියෙදි එක කොට්ටයක් බිමට වැටුණා.. මෝටර් සයිකලේ පාර මැද්දෙ නවත්තලා ඕක පටවගන්න දුක් විඳින්නෙ මොකටද කියලා හිතපු අප්පච්චි.. ගෙදරට ඇවිත් අනෙක් සිමෙන්ති කොට්ටෙ බාලා ආපහු ගියෙ වැටුණු සිමෙන්ති කොට්ටෙ පටවගෙන එන්න හිතාන.. ඒත් එතනට යනකොට සිමෙන්ති කොට්ටෙ තිබුණෙ නෑ..
එතනට ආපු කළු අයියා.. වෑන් එකකින් ඇවිත් සිමෙන්ති කොට්ටෙ දාගෙන ගියානෙ.. මං කෑගැහුවා.. මිනිහා ගනං ගන්නෙ නැතුව ගියා.. හැබැයි මං නොම්මරේ ලියාගත්තා.. මහත්තයා ගිහිං පොලීසියෙ ඇන්ට්‍රියක් දාන්න.. කියලා කිවුවා..
අප්පච්චිත් ඒ පිම්මටම ගිහිං පොලීසියෙ ඇන්ට්‍රියක් දැම්මෙ.. ආයෙ සිමෙන්ති මිටිය හම්බවෙයි කියලා ලොකු විශ්වාසයක් ඇතුව නම් නෙවෙයි.. හොරුන්ට දඬුවමක් දෙන්න ඕන නිසා.. පහුවදා උදේම අප්පච්චි වැඩට ගියා..
පහුවදා හවස් වෙද්දි.. අපේ ගෙදරට වෑන් එකකින් කට්ටියක් ආවා.. මං හිතන්නෙ දහ දොලොස් දෙන්නෙක් හිටියා..
ඔයාලගෙද සිමෙන්ති මිටියක් නැති උනේ..? එක්කෙනෙක් ඇහුවා..
ඔවු.. ඔයාලා කවුද? එහෙම ඇහුවේ අපේ අම්මා..
අනේ අපේ පුතා තමයි සිමෙන්ති මිටිය දාගෙන ගිහිං තියෙන්නෙ.. මෙතන කඩේ හිටිය කෙනෙක් තමයි කියලා තියෙන්නෙ දාගෙන යන්න කියලා.. පුතා හිතලා තියෙන්නෙ දුර ගිය වාහනේකින් වැටුණ එකක් වෙන්න ඇති කියලා.. අනේ අපේ පුතාව බේරලා දෙන්න.. මේ මිනිස්සු පිංසෙණ්ඩු වෙනවා..
මහත්තයා නම් ගෙදර නෑ.. වැඩට ගිහිං.. හෙට හවසට තමයි එන්නෙ.. මහත්තයා තමයි ඇන්ට්‍රිය දැම්මෙ..
අපේ අම්මටත් දුක හිතිලා වගෙයි.. මටත් ඉතිං වැඩේට දුකයි..
අපි දැං ගිහිං මහත්තයාව එක්කගෙන එමු.. පුතාට පුළුවන්නෙ අපිත් එක්ක එන්න..
මෙයාට විභාගෙට පාඩං කරන්නත් තියෙනවා.. අපි මහත්තයව හම්බවෙන විදිහ කියන්නම්.. අම්මා කිවුවෙ.. මට මඟදී කරදරයක් කරයි කියලා බව මට තේරුණා..
අනේ පුතේ යං.. ඒ අම්මා මට පිංසෙණ්ඩු වෙනවා.. කොහොම බෑ කියන්නද..? මං අපේ අම්මගෙන් අවසර අරං යන්න පිටත් උනා.. කොයි එකටත් සාක්කුවෙ පොඩි කතුරක් දාගත්තා.. මගදි තත්වෙ වෙනස් උනොත් කියලා.. ඒත් ඒ මිනිස්සු අහිංසකයි.. අප්පච්චිත් එක්කරගෙන ආවා.. ඇවිත් පොලීසියට කියලා බැලුවත්.. හරි ගියේ නෑ.. හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට තියලා තමයි ගන්ට වෙන්නේ කිවුවා.. මේ මිනිස්සුන්ට කන්න බොන්න එහෙමත් දීලා එදා පිටත් කොළා.. ඔන්න පහුවදාත් කට්ටිය ඇවිත්.. හඳුනාගැනීමේ පෙරෙට්ටුවට යන්න වෙන්නෙ.. කළු අයියටයි, බාසුන්නැහේටයි.. ඒ දෙන්නගෙ දවසෙ මහන්සිය නම් ගෙවන්න වෙයි කියලා අප්පච්චි එයාලට කිවුවා.. ඒ දෙන්නට තිබුණේ.. හඳුනාගැනීමේ පෙරෙට්ටුවෙදි හඳුනානොගෙන ඉන්න.. ඒකට එයාලට පොඩි සම්තිං එකක් හම්බ උනා.. හවස යන ගමං කට්ටිය අපේ ගෙදර ඇවිත් තේත් බීලයි ගියෙ..
සිමෙන්ති මිටිය කෝ.. මං අප්පච්චිගෙන් ඇහුවා..
ඒක නඩු භාණ්ඩයක් විදිහට පොලීසියෙ තියාගත්තා..
ඒ නඩුව නං අපූරුවට විසඳුනා.. මං තනියෙම කල්පනා කළා..
අපරාදෙ කියන්න බෑ.. ඒ මිනිස්සු අපේ ගේ ඉස්සරහින් යන හැම වතාවෙම...
තියා එක වතාවක්වත්.. ආයෙ අපේ ගෙදර ආවෙ නෑ...

නිකමිම යන්නේ නැතුව comment ඒකක් දාල යන්න
කරුණාවන්ත වෙන්න
මෙය අන්තරජාලයෙන් උපුටා ගන්නා ලදි .
No comments:
Post a Comment