Sunday, May 18, 2014

කැනඩා පාර්ලිමේන්තුවේදී කොටි සමරුමක්
කැනඩා දෙමල කොංග්‍රසය විසින් කැනඩා පාර්ලිමේන්තුවේදී කොටි සැමරුමක් පවත්වා අැති බව වාර්තාවෙයි. ශ්‍රී ලංකාවේ පැවැති මානුෂීය මෙහෙයුමේදී මිය ගිය කොටි සාමාජිකයන් සමරමින් මෙම උත්සවය පවත්වා අැත. කැනඩා පාර්ලිමේන්තුවේ පොදු රාජ්‍ය මණ්ඩලීය කාමරයේදී මෙම සැමරුම පවත්වා තිබේ.
ඒ් සඳහා කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සම්බන්ධ වී තිබේ. ඔවුන් විසින් ඒහිදී විශේෂ දෙසුම්ද පවත්වා තිබෙන බවත් වාර්තා වෙයි. මෙම සැමරුම පෙරේදා (15දා) පවත්වා තිබේ.
_________________________________________________________________________________
ශ්‍රී ලංකා ත්‍රස්තවාදියා ගැන ඉන්දියාව තොරතුරු ඉල්ලයි -

ත්‍රස්තවාදී ක්‍රියා සඳහා සම්බන්ධ බවට සැකකරමින් මැලේසියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා ජාතිකයා පිළිබඳව ඉන්දියාව විසින්ද මැලේසියාවෙන් තොරතුරු ලබාගැනීමට කටයුතු කරමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය බදාදා දිනයේදී සැකකරු අත්අඩංගුවට පත්වූ අතර, එදිනම ඉන්දියාවේදීත් තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරුවන් චෙන්නායිහි පිහිටා තිබෙන ඇමෙරිකානු කොන්සල් කාර්යාලය හා බැංගලෝරයේ පිහිටා තිබෙන ඊශ්‍රායෙල් කොන්සල් කාර්යාලය වෙත ප්‍රහාර එල්ල කිරීමේ සූදානමින් පසුවූ බවට මූලික පරීක්ෂණවලින් සොයාගෙන තිබුණි.
මේ හේතුවෙන් මැලේසියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයා පිළිබඳව තමිල්නාඩු පොලීසිය තොරතුරු හුවමාරු කිරීමට සූදානමින් පසුවන බවට තොරතුරු වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.
මෙය අද පත්තරයෙන් උපපුටා ගන්නා ලදි. 

-

No comments:

Post a Comment