Sunday, June 8, 2014

අල්ලපු ගෙදර මේසන් බාස්ගේ තෑග්ග

අල්ලපු ගෙදර මේසන් බාස්ගේ තෑග්ග 
meya  eththa siduveemaki                     


 රත්නපුරේ මද්යම  පාන්තික පවුලක ඉපදුන ඇය නමින් සමන්තිය.
ඇය  මව් පියන්ගේ දැඩි රැකවරණය මැද්දේ වැඩිනි.
o/l දක්කවා උගත් ඇය එතනින් අද්‍යාපනය අවසන් කෙරිණි.

මේ ආකාරයට කාලය ටිකෙන් ටික ගත වී ගියහ. මේ වන විට 
ඇය මල්වරවුනු  තරුණියකි. එහෙත් තම මව් පියන් සමග නිවසේ  තනි වූ ඇය  කිසිදු 
සමාජ අත්දැකීමක් රහිතව හුදකලාව  කාලය ගෙවුහ. 

කාලය එසේ ගෙවී ගිය අතර  තම අසල්වැසි නිවසේද  හුදකලාවේ දවස ගෙවන තරුණයෙක් විය.
 ඔහු නමින් පියල්ය. මේසන් බස්කෙනෙකි. මේ වන විටත් ඔහු විවාහ වෙන වයසේ සිටියහ.
මේ අතර දෙමාපියෝද  ඔහුට මනාලියක් සොයමින් සිටියේය. 

මේ අතර තම අසල්වෙසි නිවසට ඔහුට අහබු ලෙසින් යාමට සිදුවිය .ඒ එම නිවසේ උලුහස්සක් 
ඇල්ලීමටය. එම නිවසට ඔහු යනවිට එම නිවසේ සිටියේ තරුණියක් පමණය.ඒ සමන්තිය.

සිදුවුයේ අනපේක්ෂිත සිදුවීමකි. පියල් සහ සමන්ති අහබුවකින් මුණගැසී දොඩමලුවුයේ  
කලක සිට දැන  හදුනුම්කන් පැවත්වුවන් ලෙසටය. ඔවුන්ගේ එම කතා බහා ගතවූ හොරාකිපය 
ඇතුලත පෙම්වතුන් වීමටත් ඉඩ කඩ සලසා දී තිබිණි.

නිවසේ කව්රුත් නොසිටි නිසා ඔඋනට නිදහසේ පෙම්සුව විදීමට පරිසරය හැඩගැසී හමාරය. 
එහි අවසානය වුයේ දිනක් දුටු එදිනම පෙම්වතියක වූ සමන්ති එදිනම එම මොහෙතේම  
තමන්ගේ දිවි මෙන් රැකගත් තම පිවිතුරු බව ඔහුට පුද කිරීමය. 

එදින එම මොහොත එසේ නිමාවිය. පියල් සුපුරුදු පරිදි සිය රැකියා කටයුතු කළේය.
සමන්තිද පෙර ලෙසම හුදකලාවේ කාලය ගත කලාය. දින සති ගෙවී ගියේය. 
සම්න්තිට දිනෙන් දින තමන්ගේ ජීවිතය වෙනස් වී යන බව තේරුණේය. සිරුර අප්‍රාණික වීමත් 
උදැසන වමනයත් ඇය  අසහනයට පත් කළේය. අගේ මේ වෙනස ඇගේ  මව පුදුමයට පත් කිරීමට සමත් වුවාය.
එම නිසා දියණියගේ වෙනස්කම් අවබෝදකරගත් මව ඇය  දොස්තර කෙනෙකුට පෙන්විය. එහිදී සමන්තිගේ
මවගේ සැකය තහවුරු විය. සමන්ති ගැබ් ගෙන තිබුනාය. 

 සමන්තිගේ මව් පියන්ගේ බලාපොරොත්තු සුන් විය .විවහා  නොවී සිටි තම පන මෙන් රැකගත් දියණිය 
මේ විනාසය කරගත්තේ කෙසේද යනු සොයන්නට විය. සියලු දෙනාගේ දොස් මුර මැද්දේ සමන්ති ගැහෙන 
හදවතින් එදා සිදුවූ සියල්ලම කදුළු පිරි ඇස්  වලින් තම  දෙමාපියන්ට හෙළි කලාය. ඉතා වේදනාවෙන් 
සමන්තිගේ පවුලේ අය තීරණයක් ගෙන සමන්තිට මේ අපරාදය කල පියල්ටම සමන්තිව විවාහ කර දීමටය.

සමන්තිගේ මව්පියන් පියල්ගේ නිවසට පැමිණ  සමන්තිගෙයි පියල්ගේ සම්බන්දෙ ගෙන ඔහුගේ 
මව්පියන්ට පැවසුහ. ඔඋන් එය පිළිනොගත් අතර පියල්ගෙන් විමසුහ. ඔහු එදා සිදිදිය ප්ලිගත්හ 
නමුත් බඩේ ඉන්න දරුවා ඔහුගේ නෙවය කියා ඔහු තදින්ම  කිවේය. සමන්තිගේ මව්පියන්ගේ 
බලාපොරොත්තු සුන් විය .

 මේ අතර සමන්තිගේ දරුගැබ ටිකෙන් ටික වැඩිනි.  ආදරය කලේ එක්  දිනක් වුවත් තම පෙම්වතාගෙන් 
ලැබුණු දායාදය පන මෙන් රැක ගැනීමට ඒ වන විට සමන්ති තීරණයක් ගෙන තිබුණි. සමන්ති පියල් හමුවී 
ටමන්ගේ ජිවිතයට සදරණය ඉල්ලුවාය. එහෙත් පියල් සමන්තිට බන වැඩි එලව ගත්තාය.
සමන්ති හැඩු  කඳුලින් දවස ගෙවන්නට විය.

මේ අවස්ථාව වන විට පියල්ගේ මගුල සිදුවිය.එයින් සම්න්තිගේ හද තුල කෝපයක් ඇති විය. 
තමාගේ  ජිවිතයම විනාස කල පියල් ගැන කල කිරීමක් ඇති වුවත් තමන්ගේ  කුස තුල සිටින දරුවා 
වෙනුවෙන් නැවතත් පියල්ගේ බිරිද හමු වීමට සමන්ති හිතුවය. සමන්ති පියල්ගේ බිරිදට මේ සිදුවීම පෙවසුහ. 
නමුත් ඇය සමන්තිව එලවගත්තාහ. ඇය  මේ සිදුවීම පිලිනොගත්තය. වල්  කමේ ගිහින් ළමයි බඩට 
අරගෙන අපේ පවුල් ජීවිතෙත් විනාස කරන්නද හදන්නේ. පවසමින් ඇය  කමනිව එලවා ගත්තාය.

ජිවිතයේ අන්ත අසරණ තත්වයට පත්වූ කමනිගේ දෑසින් වෛරයේ ගිනි පිටවන්නට විය. හදවතට 
දිරිය ගත් ඇය නීතියේ සරණ පැතුවාය. සිදුවූ සියලු දේ පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කලාය.
අවසානයේ එය උසාවි යන නඩුවක් බවට පත් විය. නීතියේ සරණ පතා සිටි  
 සමන්තිට දරුවා ලැබිණ. ඇය තමන්ගෙ  කිරි  කැටි  දරුවා පපුවට  තුරුළු කරන් සමාජය  
ඉදිරියේ  අවනම්බු වින්දාය.එහෙත් අසීමිත මව් සෙනෙහස 
නිසාම ප්‍රශ්න වලින් දැවී දැවී සිය දරුවාට රුදිරය  කිරි කර පෙව්වාය.   
එහෙත් මෙම ප්‍රශ්න නිසා පවුල් ජිවිතයේ ආරවුල් තත්වයක් පැන  නැගෙමින් තිබු පියල් 
එම කිරි දරුවා තමාගෙ  නොවන බවත් ඔහු තමාට සාපයක්  බවත් සිතුවේය. 
ඒ නිසා  වැටි වැටි ඇවිදින පුංචි දරුවාගේ දිවි තොර කිරීමට නොගත් උත්සහයක් නැති තරම්ය. 

මේ ආකාරයට දින සති මස වසර ගෙවෙමින් පැවතිනි. ඒ අතර තුරදී අපුරු දෙයක් දුටුවේය.
ඒ උසාවියට එන බොහෝ දෙනෙක් පියල්ට නැගුනු අකාරයේ චෝදනා වලින් නිදහස්ව යන ආකාරයයි.
ඊට හේතු වී තිබුනේ එවැනි චෝදනා වලදී පියා සහ දරුවාගේ DNA පරික්ෂා කර බලා ඉන් ලැබේන  
තින්දුව  මත නඩුව සදාරනියකරණය කිරීමය. 

දිනක් පමණක්  සමන්ති සමග ලිංගිකව හැසිරුණු පියල් කිසි දිනෙක සමන්තිට ලැබුණු දරුවා 
ඔහුගේ බව පිළිනොගත්තේය. එම නිසා ඔහුට DNA පරික්ෂාව කරගෙන මෙම චෝදනාවෙන් 
නිදහස් විය හැකි බව ඔහු සිතුවේය.

එම නිසා ඔහු, වෙනුවෙන් පෙනී සිටි lowyer හට DNA පරීක්ෂාවක් කල යුතු බව පැවසුවේය.
lowyer ඔහුට සියට සීයක්ම නිවැරදි බව ඔප්පු කල හැකිද යන්න ඇසුවිට එය කල හැකි බව ඔහු පැවසුවේය.
ඒ අනුව උසාවි නඩු වාරයකදී DNA  පරීක්ෂාවක් සිදු කෙරිණි. 

එහිදී සිදු උයේ පියල් කිසිසේත්ම නොසිතු නොපැතූ දෙයකි. මෙම පරීක්ෂණයෙන් එම කිරි කැටියා 
පියල්ගේ බවට ඔප්පු විය. පියල් එම චෝදනාවෙන් නිදහස් වී ගත කරන්නට සිතු ජීවිතය ඔහුගේ දෙපාමුල කඩා වැටුණි.
උසාවිය විසින් දරුවාට  නඩත්තු ගෙවීමට නියෝග කෙරිණි. 

මේ කාරණයක් සමහ පියල්ගේ විවාහක බිරිද දික්කසාද නඩුවක් පවරා ඔහුගෙන් වෙන් වුවාය.
මේ වන විට පියල්ට එක්  දිනක් පෙම් කල සමන්තිත් නිතිය ඉදිරියේ බාරගත් ආදරණිය බිරිදත් දෙදෙනාම අහිමි වී හමාරය.
එසේම එම දෙදෙනාගේම නඩත්තු වියදම් ගෙවීමටත් ඔහුට සිදුවී ඇත. එම කතාව එසේ නිමා වුවද ඔබට සිතන්නට බොහෝ දේ ඇත. 

දිනක් දුටු පමණින් සැබෑ  ආදරයක් ඇතිවේද? එසේම ආදරය කල පමණින් විවාහවී කල යුතු සියල්ල කල යුතුද? එසේම අනාරක්ෂිත 
ලිංගික හැසිරීම් නිසා බිහිවෙන කිරිකැටියත් සමාජයේ අපවාදයට ලක් කල යුතුද? එක පිරිමියෙකු නිසා කාන්තාවන් කිහිපදෙනෙකුත් 
,එසේ සිය ජිවිත විනාස කර ගත යුතුද? 

සිතන්න මොහොතකට යව්වනයත් ආදරයත් සුන්දර බලාපොරොත්තු ගෙන දෙනවා. එත් ඒ සුන්දර බලාපොරොත්තු මල්  ගැන්වීමේදී ඔබ ගන්නා බොහෝ තීරණ සිතා බලා ගත යුතුය. විශේෂයෙන්ම විවාහයේදී.

ඔබට ආදරය කරන ඔබට ගවුරව කරන ඔබ ආරක්ෂා කරන පුද්ගලයෙකු සොයා ගැනීමට ඔබ සුක්සම විය යුතුය. එහිදී හැගීම් වලට වඩා බුද්දියට 
තැන දීම ප්‍රදාන විය යුතුය. එම නිසා සොදුරු යව්වනයේ සුන්දර පැතුම් අකලට මිලින වීමට ඉඩ නොතබා ජීවිතය ලස්සන කර ගැනීමට බුද්දීමත්ව 
කටයුතු කිරීමට වග බලා ගන්න. 


No comments:

Post a Comment