Wednesday, June 11, 2014

චයිනීස් ෆෝන් එකක් ගන්න කලින් මේ ලිපිය කියවන්න

චයිනීස් ෆෝන් එකක් ගන්න කලින් මේ ලිපිය කියවන්න


එහෙනම් හැමෝටම කියන්නේ අලුතින් ෆෝන් එකක් ගන්න කලින් මේකත් පොඩ්ඩක් කියවල බලන්න.
චයිනීස් ෆෝන් පාව්ච්චි කරන අයට ත් වැදගත් අපි දැකල තියෙනවා ගොඩක් දෙනා ෆෝන් ගන්න ගියහම තෝරලා තෝරලා අන්තිමට ගන්නේ චයිනීස් ෆෝන් එකක්.මේකට හේතු පහතින් දැක්වේ.


  • ලාබයි.
  • වැඩ ගොඩයි.
  • ඕන තරම් පාට්ස් තියෙනවා.
  • පොලවේ ගැහුවත් වැඩ.
  • ටච් ස්ක්‍රීන් තියෙනවා.
  • පට්ට ගහන්න පුළුවන්.
  • අවුරුද්දක් පාවිච්චි කරත් මදැයි මේ ගානට අරගෙන.
  • TV බලන්න පුළුවන්.
ඇයි චනීස් ෆෝන් ලාබ ?
මේවා හදන්නේ ගොඩක් වෙලාවට නිශ්චිත සමාගමකින් නෙමේ.මේවට නමකුත් නෑ.තියෙන නමත් ඔය මොකක් හරි විකාර නමක්.අනිත් ඒක කාලෙකට එන නමක් ආයේ ටික දවසක් යනකොට හොයා ගන්නත් නෑ. අනිත් ඒක මේවා ගොඩක් වෙලාවට හදන්නේ පාවිච්චි කරලා ඉවතලන ජංගම දුරකථන කොටස් වලින්.ඒ කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කරපු ෆෝන් වලින්.ඒ නිසා මේවා එච්චර කොලිටි නෑ. ගොඩක් වෙලාවට රත් වෙනවා.අනිත් ඒක තමයි මේවගේ පාවිච්චි වෙන මෘදුකාංග එතරම් ප්‍රබල ඒවා නෙමේ.බොහොම ලාබෙට හදපු ගුණාත්මක බවින් අඩු මෘදුකාංග තමයි මේවගේ තියෙන්නේ.ගොඩක් වෙලාවට වෙනස් ජාති දෙකක චනීස් ෆෝන් දෙකක් ගත්තත් අපිට දකින්න පුළුවන් ෆෝන් දෙකේම සොෆ්ට්වෙයා දෙක එකයි.අනිත් ඒක මේවගේ හාඩ්වෙයා කොටස් වලත් ගුණාත්මක බව අඩුයි. ඔයාල දැකල ඇති සමහර ෆෝන් වල මෙනු බට්න් ඒක ඔබල තත්පරයක් දෙකක් විතර ගියහම තමයි මෙනු ඒක එන්නේ.
ඇයි වැඩ ගොඩ ?

මේවගේ වැඩ ගොඩක් තිබුනට අපි දන්නවා ඒවගේම වැඩ තියෙන නොකියා ෆෝන් එකක් එක්ක සංසන්දනය කරොත් චයිනීස් එකේ ගන්න දෙයක් නැහැ.ටච් ස්ක්‍රීන් තියෙන චයිනීස් ෆෝන් වල කාලයක් යනකොට ටච් ඒක සම්පුර්ණයෙන්ම හෝ 
තැන් තැන් වලින් වැඩ කරන්නේ නැතුව යනවා.

කැමරා තියෙන චයිනීස් ෆෝන් වලට තමයි ගොඩක් අයගේ ඉල්ලුම තියෙන්නේ.2000 හරි 3000 කට හරි කමක් නෑ කැමරාවක් තියෙනවනම් මාර ලොකුයි.ඇත්තම කිව්වොත් මේවා ෆොටෝ ගහන්න නම් අරන් වැඩක් නැහැ.ගොඩක් වෙලාවට මේවගේ ෆොටෝ පැහැදිලි නැහැ.පැහැදිලි උනත් සමහර ඒවගේ ෆොටෝ එකේ සයිස් ඒක පොඩි.ඉතින් කොම්පියුටර් එකකට දාල බැලුවම ගන්න දෙයක් නැහැ.ගොඩක් ඒවගේ තියෙන්නේ 240*320 වගේ තමයි.
උපරිම 640*480 වගේ ප්‍රමාණයක් තියෙනවා.

මේවට හදිස්සියකට ගන්න පාර්ට්ස් තියෙනවද ?


ඇත්තම කිව්වොත් මේවට ඔරිජිනල් පාට්ස් නම් හොයාගන්න නැහැ.ගොඩක් වෙලාවට කඩවල් වලින් කරන්නේ ඔය මොකක් හරි ෆෝන් එකකින් ගලවගත්ත එකක් හරි නැත්නම් ඔය ලාබෙට තියෙන මොකක් හරි කෑල්ලක් දාන ඒක තමයි.
කවදාවත් Flap හෝ Slide කරන ආකාරයේ චයිනීස් ෆෝන් එකක්නම් ගන්න එපා කීයටවත්. ඔයාල දන්නවනේ මේවගේ තියෙන්නේ Ribbon එකක්.ඒ කිව්වේ ඔය උඩ පහල කරන කෑල්ල හෝ නවන දිග අරින කෑල්ල යට තියෙන අනිත් කොටසත් එක්ක සම්බන්ද වෙන්නේ නැමෙන දිග ඇරෙන කේබල් එකකින්.ඉතින් ගොඩක් වෙලාවට කාලයත් එක්කම මේ Ribbon ඒක කැඩෙනවා. (90% කැඩෙනවා) ඉතින් රෙපෙයාර් කරන්න කඩේකට ගිහින් දුන්නට ගොඩක් වෙලාවට හරියන්නේ නෑ.එයාල බාර ගන්නේ නෑ. මොකද මේවට ගැලපෙන Ribbon හොයන්න නැහැ.භාර ගත්තත් ෆෝන් ඒක ඔයාලට දෙනවා කියන දවසට නම් කීයටවත් ලැබෙන්නේ නැහැ.මොකද එයාල කොළඹ ගිහින් මේකට ගැලපෙන රිබන් ඒක තියෙනවද කියල බලල තමයි ගේන්නේ.ඔයාල ෆෝන් ඒක දුන්න කියල ඔයාගේ ෆෝන් එකට රිබන් ඒක ගෙන්න නම් කීයටවත් එයාල කොළඹ යන්නේ නෑනේ.තව වැඩ ටිකක් එකතු වෙනකන් ඉඳල තමයි බඩු ගෙන්න යන්නේ.

කල්පැවැත්ම.


කල පැවැත්ම අතින් නම් මේවා ගන්න දෙයක් නැහැ.ගොඩක් වෙලාවට උපරිම අවුරුද්දයි නැත්නම් එකහමාරයි.අනිවා කැඩෙනවා.නැත්නම් කලින් තිබුන Performance ඒක අඩු වෙනවා.ගොඩක් වෙලාවට වෙන්නේ සිග්නල් අඩු වෙන ඒක.කීපෑඩ් ඒක සවුත්තු වෙන ඒක වගේ තමයි. දවසක් මම කාලයක් පාවිච්චි කරපු මගේ ෆෝන් එකට වෙන ෆෝන් එකකින් කෝල් එකක් අරන් බැලුවම ප්‍රතිචාරයක්‌ නොමැත ලු.මේ මගේ අතේ ෆෝන් ඒක තියෙනවා ඔන් එකේ සිග්නලුත් තියෙනවා.ගොඩක් වෙලාවට මෙහෙම වෙනවා.මැසේජ් එන්නේ පරක්කු වෙලා.ඔය වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා.

හරි ඔයාලටත් චයිනීස් ෆෝන් එකක් ගන්න ඕනනම් ගන්න කලින් ටිකක් මේ දේවල් ගැන හොයල බලල ගන්න.


  • ගන්න ෆෝන් ඒක කාලයක් තිස්සේ ලංකාවේ නමක් දිනාගත්ත සමාගමක් හෝ මාදිලියක් ද කියල බලන්න.
    උදාහරණ -: Etel , Bird , MicroMax , AlfatelZego , Forme , Karbonn ඔය වගේ ඒවා නම් දැන්ම ගන්න එපා.මේ අලුත ආපු ගමන් ටිකක් පල් වෙන්න ඇරලා ගන්න.ගන්නවානම් මොකද අර වයින් ජාති උනත් පරණ වෙන්න වෙන්න නේ හොඳයි කියන්නේ.
  • ගන්න කලින් පුළුවන් තරම් ෆෝන් ඒක අතට අරගෙන ඔබල ඔබල බලන්න.තමන්ගේ උවමනා කම් වලට ගැලපෙනවද කියල.සමහර ඒවගේ කීපෑඩ් එහෙම පට්ට සද්දෙයි.ටකරමකට ගල් ගහනවා වගේ.ඒ නිසා තමයි ගන්න කලින් හැමදේම බලන්න කිව්වේ.




No comments:

Post a Comment