Sunday, June 15, 2014

පරිගණකයකට වයිරස් කියලා දැනගන්නේ කොහොමද බලමු

පරිගණකයකට වයිරස් කියලා දැනගන්නේ කොහොමද බලමු


පරිගණකයට ප්‍රධාන වශයෙන් වයිරස් එකක් එන්නේ ඉන්ටර්නෙට් එකෙන් , USB එක මගින් , DVD , CD , Network මගින් විවිධ සොෆ්ට්වෙයා මගින්.

ප්‍රධාන වශයෙන් පරිගණකයකට වයිරස් එකක් ආවම වයිරස් ගාඩ් එකක් තියෙනම් ඒකෙන් පෙන්වනවා.ඒත් හිතන්න ගාඩ් එකට අහු නොවුනොත් මොකද වෙන්නේ ? එතකොට ඉතින් අපි හදුන ගන්න ඕනෙ වයිරස් එකක් ඇවිත් තමයි කියලා.එහෙම හොයා ගන්න පුලුවන් අවස්ථා එකි නෙකට පහතින් දැක්වේ.

  • පරිගණකයේ ක්‍රියාකරී වේගය සෑහෙන දුරකට අඩු වීම.
  • පරිගණකය on වීමට සහ off වීමට වැඩි වේලාවක් ගැනීම.
  • නොසිතූ ලෙස පරිගණකය Auto off වීම හා Restart වීම.
  • පරිගණකය on නොවීම.
  •  ෆෝල්ඩර් එකක් තුල අනවශ්‍ය ෆෝල්ඩර්ස් කිසිපයක් Auto සෑදීම.
  • Hide කරපු ෆයිල් Unhidden කිරීමට නොහැකි වීම.
  • ෆයිල් Delete කිරීමට නොහැකි වීම.
  • USB පෙන් තුල ඇති දෑ copy කිරීමට හා Format කිරීමට නොහැකි වීම.
  • පරිගණකයට software install කිරීමට නොහැකිවීම.
  • සොෆ්ට්වෙයා install කරලා තියෙන ඒවා Remove කල නොහැකි වීම.
  • පරිගණකයට තුල ෆයිල් කොපි වීම මන්ද ගාමී වීම.
  • හාඩ් Drive එක තුල Partition open නොවීම.
  • ෆෝල්ඩර් එකක් open කල විට වෙනත් ෆොල්ඩර් එකක් open වීම.
  • බාවිතයේ පැවති software  ක්‍රියාකාරීව වැඩ නොකිරීම.
  • Task manager ක්‍රියා නොකිරීම.
  • එක එක  Accept , Ok , Click Here යනාදී චලනයන් දර්ශනවීම.
  • web browserමැකෙන් Auto web address වලට යාම.
  • ඉන්ටරෙනෙට් Auto Uploading එක දියට වැඩ කිරිම.
  • පරිගණකයේ CD , DVD Rom Auto එක දියට වැඩ කිරීම.
  • CPU එකේ ෆෑන් එක එක දියට නොකඩවා වේගයෙන් ක්‍රියා කිරිම,
  • පරිගණකය වැඩසටහන් ක්‍රියා නොකරන අවස්ථාවේදී Processor එක උපරිම අයුරින් ක්‍රියා කිරිම.
  • විවිද ශබ්ද ප්‍රධාන speaker එක මගින් කෝ Mother board එකේ speaker එකෙන් ක්‍රියා කිරීම.
  • Partition වල Auto Run ෆයිට් නිර්මණය වීම.
  • ෆයිල් වල right click කල විට උඩින්ම තිබිය යුතු Open විධානය නොමැති වීම.
  • තිරයේ Pop up box නොකඩවා open වීම.
  • Mouse එක Keyboard එක මන්දගාමී වීම.
  • Mouse courser එක නිතරම laoding වීම පෙන්වීම.
  • පරිගනකය shut down විධානය වැඩ නොකිරීම. 

No comments:

Post a Comment