Saturday, June 14, 2014

FB account එකේ ආරක්ෂාව තහවුරු කරගමු

FB account එකේ ආරක්ෂාව තහවුරු කරගමු

මම ඔයාලට පුංචි කරුණු ටිකක් කියන්නම්, ඒ විදියට කලොත් ඔයාලට ඔයාලගේ account එකේ ආරක්ෂාව ගැන එතරම් බය වෙන්න ඕනේ නෑ.

  • මුලින්ම, සරලම දෙයක්. කිසිම කෙනෙකුට ඔයාගේ password එක කියන්න හෝ වෙන විදියකින් දැන ගන්න දෙන්න එපා. ඔයාගේ හොදම යාලුවට වත් එපා. යාළුවා විශ්වාසවන්ත කෙනෙක් උනත් සමහර විට යාළුවා නොදැනුවත්වම ඔයාගේ password එක වෙන කෙනා කෙනෙක් අතට පත්වීමේ අවදානමක් තියෙනවා.
  • ඔයාගේ password එක අමතක වෙයි කියල ඒක කොහෙවත් ලියල තියන්න එපා.
  • Facebook account එකට password එකක් තෝරා ගැනීමේදී තව කෙනෙකුට අනුමාන කරන්න බැරි එකක් තෝරාගන්න. ඔයාගේ නම, ෆෝන් නම්බර් එක, පෙම්වතා/පෙම්වතියගේ නම වගේ දෙයක් සුදුසු නෑ.
  • Facebook account එකට, ඒකටම සුවිශේෂී උන password එකක් තියාගන්න. Email account එකේ password එකම FB account එකටත් යෙදීම සුදුසු නෑ.
  • තමන්ගේ Email address එක  Profile  එකේ(Timeline එකේ) පේන්න දාන්න එපා. ඒක වෙනස් කරගන්න පුළුවන් ඔයාගේ FB account එකෙන් Privacy Settings වලට ගිහිල්ල.
  • අඩුම තරමින් මාස තුනකට වතාවක් වත් password එක මාරු කරන්න.
  • ඔයා සාමාන්‍යයෙන් Facebook එකට log වෙන්නේ එකම device එකකින් නම්, ඒ කිව්වේ තමන්ගේ පෞද්ගලික පරිගණකයෙන් නම් login approval පහසුකම බාවිතාකරන්න. එතකොට ඔයා සාමාන්‍යයෙන් log වෙන device එකෙන් හැර වෙන එකකින් ලොග් වෙන්න උත්සහ කලොත් ඔයා ලබා දෙන phone number එකකට පණිවිඩයක් එනවා.
මේ කියපු ක්‍රම අනුගමනය කරනවා නම් ඔයාලට ඔයාලගේ Facebook account එකේ ආරක්ෂාව ගැන එච්චර බය වෙන්න දෙයක් නෑ. පොස්ට් එක කියවපු එකේ comment එකකුත් දාලම යන්න. පුළුවන් නම් like එකක්, follow පාරක් දෙන්න.

No comments:

Post a Comment